"පසසා මෙහෙවර - අගයමු වැඩිහිටි පරපුර"
ජ්‍යෙෂ්ඨ පුරවැසි උපහාර - 2025
























ප්‍රාදේශිය සාහිත්‍ය උත්සවය - 2025
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා හක්මණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ප්‍රාදේශිය සාහිත්‍ය උත්සවය - 2025, ප්‍රාදේශීය සභා සභාපති රංගන සෙනවිරත්න මැතිතුමන්, ප්‍රාදේශීය මහලේකම් තීක්‍ෂ්ණ දිසානායක මහතා, මාතර කඩවත්සතර ප්‍රාදේශිය මහලේකම් සුසන්ත අත්තනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසකගේ හා කොට්ඨාශයේ පාසල් නියෝජනය කරමින් පාසල් කිහිපයක විදුහල්පතිවරුන්, ගුරුභවතුන් හා දූ දරුවන්ගේ සහභාගිත්වයෙන්, විචිත්‍රාංග සමග උත්කර්ෂවත් අන්දමින් 2025.09.16 දින හක්මණ නගර ශාලා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. එම උත්සවයේ ප්‍රධාන සාහිත්‍ය දේශනය සදහා සම්පත්දායකත්වය සපයන ලද්දේ මාතර කඩවත්සතර ප්‍රාදේශිය මහලේකම් සුසන්ත අත්තනායක මහතා විසිනි.







මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි පිළිකා රෝගින් සදහා වු දානමය පුන්‍යකර්මය
හක්මන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් මනුදම් සත්කාරක වැඩසටහනක් ලෙස සංවිධානය කරන ලද මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා වූ දානමය පුණ්‍යකර්මය සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ රෝගීන් සඳහා ආහාර වේලක් ලබාදීම හා රෝගීන් සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යමය පරිත්‍යාගයන් මෙන්ම රෝහලට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ රෝහල වෙත ලබාදීම, හක්මන ප්‍රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මැතිතුමා සහ හක්මන සහකාර ප්‍රාදේශීය ලේකම් අනූෂා ජේ.කුලතුංග මැතිනියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ 2025.08.02 දින ඉතා සාර්ථකව සිදුකරන ලදී.







“ලේ දන්දීමේ වැඩසටහන’’
හක්මණ ප්‍රදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මැතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ හක්මණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුභසාධක සංගමය විසින් මනුදම් සත්කාරක වැඩසටහනක් ලෙස සංවිධානය කරන ලද “ලේ දන්දීමේ වැඩසටහන’’ වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යතුමිය ඇතුළු කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන්, රුධිර දායකයින් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස 2025.09.09 දින හක්මණ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදී.


සඳ මඩල
හක්මණ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, හක්මණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලය හා එක්ව සංවිධානය කරන ලද 'සඳ මඩල' පොසොන් බොදු ගී සරණිය, ප්‍රාදේශීය මහලේකම් තීක්ෂණ දිසානායක මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි, සහකාර ප්‍රාදේශීය ලේකම් අනූෂා ජේ. කුලතුංග මහත්මියගේ අධීක්ෂණයෙන් කාර්යාල නිලධාරින්ගේ සහයෝගයෙන් හක්මණ කොට්ඨාසයේ දහම් පාසල් 31 ක සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් 2025/06/15 වන දින ප.ව.1.00 සිට හක්මණ නගර ශාලාවේදී පවත්වන ලදී. ඒ අනුව හක්මණ කොට්ඨාශයේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ, ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර මත හා හක්මණ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්ගේ ශාලා පහසුකම් යටතේ මෙම වැඩසටහන ඉතා සාර්ථකව සිදු කරන ලදී.


















