"පසසා මෙහෙවර - අගයමු වැඩිහිටි පරපුර"
ජ්‍යෙෂ්ඨ පුරවැසි උපහාර - 2025
ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිති කර ගනිමින් හක්මණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජ්‍යෙෂ්ඨ පුරවැසි උපහාර උළෙල
හක්මණ ප්‍රාදේශීය සභාවේ උප සභාපති එම්.කේ. ශාන්ත මහතා, දකුණු පළාත් සභා සමාජ සේවා කොමසාරිස් රසිකා දිසානායක මහත්මිය, හක්මණ ප්‍රාදේශීය මහලේකම් තීක්ෂණ දිසානායක මහතා,
ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුරංග උබේසේකර මහතා,
හක්මණ ලංකා බැංකුවේ කළමණාකාරතුමිය,
හක්මණ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කළමණාකාරතුමා, හක්මණ DFCC බැංකුවේ කළමණාකාරතුමා , හක්මණ ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය, හක්මණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම වැඩිහිටි සමිති නියෝජනය කරමින් පැමිණි දෙටු පුරවැසියන් රැසකගේ සහභාගීත්වයෙන් 2025 ඔක්තෝම්බර් මස 10 වන දින හක්මණ නගර ශාලාවේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.







































