සරතැස නිවාලන මියුරු සුයාමය ~තාල ॥ - 2026
ප්රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව චමිලා අතපත්තු මහත්මිය ප්රමුඛ කාර්යාලයීය නිලධාරින්ගේ එකමුතුවෙන් දෙවන වරටත් සංවිධානය කෙරෙනු තාල ප්රසංගය මාතර දිස්ත්රික් ලේකම් චන්දන තිලකරත්න මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් පාලන, කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්රික් ලේකම් ඉඩම්, කාංචනා තල්පාවිල මහත්මිය යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ද තාල ප්රසංගය විනිශ්චය කටයුතු සඳහා ප්රාදේශීය ලේකම් තුමන්ගේ ආරාධනයෙන්, පිටබැද්දර සහකාර ප්රාදේශීය ලේකම් ළහිරු ගමගේ මහතා, කොටපොල සහකාර ප්රාදේශීය ලේකම් නුවන් ටී. අබේවික්රම මහතා, දික්වැල්ල ක්රම සම්පාදන නියෝජ්ය අධ්යක්ෂ ඊ.ඩී. චාමලී ප්රියංගිකා මහත්මිය යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් ප්රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්රයේ දී 2026-01-23 පවත්වන ලදී. අලංකාර වූ කලාත්මක අංග රැසකින් සමන්විත වූ තාල ප්රසංගය අවසානයේ....
ප්රථම ස්ථානය ආයතන හා පාලන අංශයේ කලාංගයත් දෙවන ස්ථානය ලෙස ආර්ථික සංවර්ධන නිලධාරීන් ඉදිරිපත් කළ කලාංගයත් තෙවන ස්ථානය ලෙස සංවර්ධන අංශය විසින් ඉදිරිපත් කළ කලාංගයත් විනිශ්චය මණ්ඩල තීරණය අනුව තේරී පත්වන ලදී.








































