"සඳමඩල බොදු ගී සරණිය "
ප්රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මැතිතුමන්ගේ සංකල්පයකට අනුව හක්මණ ප්රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ස්වාමීන් වහන්සේලාගේ උපදේශ හා මගපෙන්වීම පරිදි හක්මණ දහම් පාසල් දරුවන්ට වේදිකාවක් තනා දෙමින් තෙවන වරටත් පවත්වනු ලැබූ "සඳමඩල බොදු ගී සරණිය " 2026.07.26 වන ඉරු දින පස්වරු 1.00 සිට ගෞරවනීය මහා සංඝරත්නයේ ස්වාමීන් වහන්සේලාගේ වැඩිවීමෙන් සහ දිස්ත්රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් හක්මණ නගර ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී.
වැඩසටහන සාර්ථක කරගැනීමට සහාය දැක්වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට, ප්රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්ට, මගපෙන්වීම සහ අධීක්ෂණය සිදුකළ ප්රාදේශීය ලේකම් තුමන් ප්රමුඛ මාණ්ඩලික නිලධාරීන් සියළු දෙනා ට,දහම් පාසල් ආචාර්ය මණ්ඩලයට සහ සංවිධාන කටයුතු සඳහා ශක්තියක් වූ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට ගෞරවනීය ස්තුතිය!


























