"හක්මණින් ආදරෙන් සහන යාත්‍රා ක්‍රියාන්විතය"
ගංවතුරින් විපතට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් "හක්මණින් ආදරෙන් සහන යාත්‍රා ක්‍රියාන්විතය" සඳහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය නිලධාරින් හා ප්‍රදේශයේ අපේම ජනතාව විසින් ලබාදුන් පරිත්‍යාග, ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් 2025.12.03 දින පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදෙන ලදී.
මේ උතුම් වූ මනුදම් සත්කාරය සමගින් එකතු වූ ඔබ සියලු දෙනාට ස්තූතියි!




















