රිදී සීනු 2025
හක්මණ ප්‍රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මැතිතුමාගේ අදහස හා මූලිකත්වය ඇතිව ,සමස්ත කාර්ය මණ්ඩලයේ එකමුතුවෙන් , කාර්යාල නිලධාරීන්ගේ දරැවන් උදෙසා අධ්‍යාපනික, මනෝවිද්‍යාත්මක හා සංස්කෘතික නත්තල් ළමා වැඩසටහන " රිදී සීනු " හක්මණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී දෙවන වරටත් 2025 .12. 26 දින දවස පුරා පැවැත්විණි.
වැඩසටහන සඳහා දරුවන් 200කට අධික පිරිසක් සහභාගී වූ අතර, දරුවන් තුළ රසවින්දනය හා කායික මානසික ලිහිලනය තුලින් නව වසරට සුබ පැතීමත්, නත්තල හා ඒ බැඳුණු සංස්කෘතික අංග තුලින් සතුට, සමගිය හා සහජීවනය ඇති කරමින් නත්තලෙහි සැබෑ අර්ථය දරුවනට වඩාත් සමීප කිරීමත් අරමුණු කර ගනිමින් වැඩසටහන සංවිධානය කරන ලදී.මෙහිදී නත්තල් ගස,නත්තල් පහන ,ගව ලෙන සැකසීම,නත්තල් සීයා සහ නත්තල ආශ්රිත විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසකින් වැඩසටහන අලංකාර විය.වැඩසටහන සඳහා සම්පත්දායකත්වය හක්මණ,දෙවිනුවර,වැලිපිටිය උපදේශන නිලධාරීන් වන එච්.ජී.විජිතා කුසුම්සිරි, පී.එම්.එන්. අතුල්යා, තනූජා ගුණසේකර යන මහත්මීන් විසින් සිදු කරන ලදී.වැඩසටහන සඳහා හක්මණ ප්‍රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මැතිතුමා, සියලුම මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සමස්ත කාර්යාල නිලධාරීන් සහභාගී වන ලදී.





















